
2025 වසරේදී සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස යළිත් වෙළෙඳපොළට පිවිසීමට 'ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ්' සමාගම මේ වන විටත් සූදානමින් සිටියි. මෙරට ගොවි ජනතාවට සවියක් වෙමින් සහ රටේ කෘෂිකාර්මික අනාගතය ශක්තිමත් කිරීම උදෙසා; සැමට දැරිය හැකි, විශ්වාසදායක මෙන්ම නව්‍ය යාන්ත්රීකරණ විසඳුම් ලබා දීමට සමාගම නව ජවයකින් යුතුව කැපවී සිටී.
හෙට දවස අස්වද්දමින්
ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් (Lanka Tractors Limited) ආයතනයේ අභිමානවත් උරුමය වසර 50 කටත් වඩා ඈත අතීතයකට දිව යයි. තරඟකාරී මිල ගණන් යටතේ රෝද දෙකේ සහ රෝද හතරේ ට්‍රැක්ටර් ආනයනය කර අලෙවි කිරීමේ අරමුණින් පිහිටුවන ලද ඓතිහාසික 'රාජ්‍ය වෙළෙඳ (ට්‍රැක්ටර්) සංස්ථාව' දක්වා එහි මූලාරම්භය විහිදෙයි.
1991 වසරේදී ප්‍රතිව්‍යුහගත කර 'ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ්' ලෙසින් නව නාමයක් ලද මෙම සමාගම, එක්තරා අවධියකදී මෙරට ට්‍රැක්ටර් ආනයනය කරන සහ බෙදාහරින විශාලතම තනි ආයතනය බවට වර්ධනය විය. ශ්‍රී ලංකාවේ ගොවිබිම් යාන්ත්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් ඉටු කළේ අද්විතීය කාර්යභාරයකි.

සභාපතිතුමාගේ පණිවිඩය
දශක ගණනාවක් පුරා අපි මෙරට ගොවි ජනතාව සමඟ උරෙනුර ගැටෙමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකයේ කොඳු නාරටිය ශක්තිමත් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය යාන්ත්රීකරණ විසඳුම් ලබා දීමට කටයුතු කළෙමු. අද වන විට, අප අනාගතය දෙස බලන්නේ නොසැලෙන අධිෂ්ඨානයකිනි. සමස්ත ජාතියේ කුසගින්න නිවනවා පමණක් නොව, ජීවනෝපායන් සුරක්ෂිත කරන, ග්‍රාමීය ප්‍රජාවන් බලගන්වන සහ ජාතික ප්‍රගතිය උදෙසා මඟපාදන මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය නඟා සිටුවීමට අපි සැමදා කැපවී සිටින්නෙමු.
අපගේ මෙහෙවර පැහැදිලිය: එනම්, උසස් තත්ත්වයේ, විශ්වාසදායක සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයීම මඟින් ගොවීන් සවිබල ගැන්වීමත්, එමඟින් ඵලදායීතාව ඉහළ නංවා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ තිරසාර වර්ධනයට දායක වීමත්ය. අපගේ අරමුණ හුදෙක් යන්ත්‍රෝපකරණ සපයන්නෙකු වීම පමණක් නොවේ; ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාවන් තුළ සාධනීය වෙනසක් ඇති කරන විශ්වාසවන්ත සහකරුවෙකු, දැනුම බෙදාහදා ගන්නා මූලාශ්‍රයක් සහ ප්‍රමුඛතම බලවේගයක් වීම අපගේ අභිලාෂයයි.
අප ඉදිරියට යන මෙම ගමනේදී, අපගේ කොටස්කරුවන්ට, සේවක මණ්ඩලයට, හවුල්කරුවන්ට සහ සියල්ලටත් වඩා අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ ගොවි ජනතාවට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි. ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් (Lanka Tractors Limited) ආයතනයේ ගෞරවනීය උරුමය රැකගනිමින්, නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ සාමූහික ජයග්‍රහණවලින් සපිරි අනාගතයක් ගොඩනැඟීම උදෙසා අපි සැම එක්ව කටයුතු කරමු.
උපුල් ජයසූරිය
සභාපතිMarket Readiness For New Technologies
Shifting Farmer Mindsets
Dealer & Service Preparedness
Growing Market Opportunities
අරමුණක් ඇතිව පෙරට
ශ්‍රී ලාංකීය ගොවි ජනතාව උදෙසා නවීන යාන්ත්රීකරණයේ නව යුගයක් ඇරඹීම.
දර්ශනය (Vision)
මෙහෙවර (Mission)

අප කවුරුන්ද?
ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් (Lanka Tractors Limited) යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සීමිත වගකීම් සහිත සමාගමකි. එහි ලියාපදිංචි ලිපිනය අංක 45/100, නාවල පාර, කොළඹ 05 දරන ස්ථානයේ පිහිටා ඇත. කොළඹ 05 හි පිහිටි අපගේ ප්‍රධාන මූලස්ථානය අක්කර 3 කට අධික භූමි ප්‍රමාණයක විහිදී ඇති අතර, එය කොළඹ නගර මධ්‍යයේ ඉතා උපායමාර්ගිකව පිහිටා තිබේ. මෙම සංකීර්ණය තුළ සමාගමේ ප්‍රධාන කාර්යාලය, අලෙවි සහ අලෙවිකරණ අංශ, මධ්‍යම ගබඩාව, යාන්ත්‍රික වැඩපොළ සහ පුහුණු මධ්‍යස්ථාන යන සියල්ල එකම වහලක් යට පිහිටා ඇති අතර, එමඟින් ඉතා කාර්යක්ෂම සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දීමට අපට හැකියාව ලැබී ඇත.
මෙම ප්‍රධාන අංශ සියල්ල එකම ස්ථානයක පිහිටුවීම මඟින් දෙපාර්තමේන්තු අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටත්, කඩිනම් සේවාවක් ලබා දීමටත්, කුඩා පරිමාණයේ ගොවීන්ගේ සිට මහා පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයින් දක්වා විහිදුණු අපගේ විවිධ පාරිභෝගික අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීමටත් හැකි වී තිබේ. මීට අමතරව, සමාගමේ සේවා ජාලය දිවයින පුරා තවදුරටත් ව්‍යාප්ත කරමින්, කොළඹ 11, ඕල්කට් මාවතේ අංක 343 දරන ස්ථානයේ ද අපගේ ප්‍රධාන මෙහෙයුම් ශාඛාවක් පවත්වාගෙන යනු ලබයි.
අපගේ සුවිශේෂත්වය
ලංකා ට්‍රැක්ටර්ස් (Lanka Tractors) හි අප සිදු කරන්නේ හුදෙක් යන්ත්‍රෝපකරණ අලෙවි කිරීම පමණක් නොවේ; අපි ගොවි ජනතාවට ඉහළ ඵලදායීතාවක් දායාද කරන්නෙමු. දශක ගණනාවක ප්‍රායෝගික අත්දැකීම්, ශ්‍රී ලංකාවේ විවිධාකාර වූ භූමි ලක්ෂණ පිළිබඳ ඇති ගැඹුරු අවබෝධය සහ අලෙවියෙන් පසු ලබාදෙන විශිෂ්ට සේවා දායකත්වය හේතුවෙන් අනෙකුත් තරඟකරුවන්ට නොදෙවැනි ප්‍රතිඵල අපගේ ගොවි ජනතාව වෙත ලබා දීමට අපට හැකියාව ලැබී ඇත.
01. ගොවියා කේන්ද්‍ර කරගත් ඉංජිනේරු තාක්ෂණය
02. දිවයින පුරා විහිදුණු සේවා ජාලය
03. අවම නඩත්තු පිරිවැය

